hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 03, ප.ව. 5:26



රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදීවත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකළ 13 වැනි සංශෝධනය මෙම අවස්ථාවේ දී ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සිට ගෝඨාභය රාජපක්‍ෂ මහතා දක්වා බලයේ සිටි ජනාධිපතිවරුන් විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීමට බලපෑ හේතු සාධකයන් තවදුරටත් සමාජය තුළ පවතින්නේ ද යන්න ගැඹුරින් සලකා බලා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු බව තමන් පසුගිය 26 වැනිදා පැවැති සර්ව පාක්‍ෂික සමුළුවේ දීත් ප්‍රකාශ කළ බව ද ඔහු සඳහන් කළා.

තවදුරටත් ප්‍රකාශ කර සිටියේ 13 වන සංශෝධනය මෙම අවස්ථාවේ දී ගැඹුරින් අධ්‍යයනය කිරීමකින් තොරව මෙම අවස්ථාවේ දී ක්‍රියාත්මක කිරීමට එකඟතාවය තමන් පසුගියදා පැවති සර්ව පාක්‍ෂික සමුළුවේදී ප්‍රකාශ නොකළ බවයි කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවා.