hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2022 අගෝස්‍තු 07, පෙ.ව. 8:12



ඉදිරියේදී පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වී එහි වගකීම් බාරගත යුතුය යන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩිව සිටින බවද එම ආරංචි මාර්ග කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් පස් දෙනකු දැනටමත් ආණ්ඩුව සමඟ සම්බන්ධ වී සිටිනවා.

එනිසා පක්ෂය සමග දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 09 දෙනෙකි.

එයින්ද වැඩි දෙනකුගේ අදහස වී ඇත්තේ ශ්‍රීලනිපය සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වි, වගකීම බාර ගෙන රජයේ ඉදිරි කටයුතුවලට සහාය දිය යුතු බවයි.