hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 මාර්තු 16, ප.ව. 7:28



ප්‍රධාන ජාතික පුවත්පත් දෙකක පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී.ල.නි.ප රැස්වීමේදී මෛත්‍රීට අභියෝගයක් ( Maitri challenged at slfp meeting) යන සිරස්තලය යටතේ පළවූ ප්‍රවෘත්තීන් දෙකම එම ප්‍රකාශිත කිසිදු මූලාශ්‍රයක ට අදාළ නොවන සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් බවත්, එම ප්‍රකාශිත ආකාරයේ කිසිදු සිදුවීමක් එම අවස්ථාවේ සිදු නොවූ බවත්ය.

මාධ්‍ය නිවේදනයයි

දිවයින සහ ඩේලි නිව්ස් (daily news) යන පුවත්පත්වල පළවූ අසත්‍ය ප්‍රවෘත්ති සම්බන්ධව 2023 03.16 දින දිවයින පුවත්පතේ “උණුසුම් වචන දෝරේ ගලයි පාක්ෂිකයෝ ඇවිස්සෙයි, මෛත්‍රී මාරුවෙයි” යන සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තියත්, 2023.03.15 දින ඩේලි නිව්ස් ( daily news) පුවත්පතේ පළවූ ශ්‍රී.ල.නි.ප රැස්වීමේදී මෛත්‍රීට අභියෝගයක් ( Maitri challenged at slfp meeting) යන සිරස්තලය යටතේ පළවූ ප්‍රවෘත්තීන් දෙකම එම ප්‍රකාශිත කිසිදු මූලාශ්‍රයක ට අදාළ නොවන සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් බවත්, එම ප්‍රකාශිත ආකාරයේ කිසිදු සිදුවීමක් එම අවස්ථාවේ සිදු නොවූ බවත්, මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ 6 වන විධායක ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණයක් ඉලක්ක කොට පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ඉතා සක්‍රියව සිදුවන අතර ඉහත ප්‍රකාශයට අදාළ දිනයේ දී ද ආසන සංවිධායකවරුන් පාක්ෂිකයන්, ක්‍රියාකාරීන් සමග ඉතා සුහදශීලී ව එම කටයුතු සිදු වූ බව බවද ප්‍රකාශ කරමු. මෙම ප්‍රවෘත්තිය දැකීමෙන් පක්ෂ ගරු සභාපතිතුමා ඇතුළු අප නිලධාරි මණ්ඩලය මෙවැනි සාවද්‍ය පුවතක් පළ වීම සම්බන්ධයෙන් ඉතාමත් විශ්මයටත් කනගාටුවටත් පත්වූ අතර කරුණාකර මෙම පුවත නිවැරදි කොට පළමු සාවද්‍ය ප්‍රවෘත්තිට ලබාදුන් ප්‍රසිද්ධියම ලබා දෙන ලෙස ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමු.

අප රටේ වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස රට නිවැරදි මගට ගැනීම සඳහා සදාචාරාත්මක සත්‍ය පුවත්පත් කලාවක් රටකට පැවතිය යුතු බව ද දැඩිව විස්වාස කරමු.

ස්තුතියි
මෙයට

තිසර ගුණසිංහ
ප්‍රචාරක ලේකම් – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය