hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 18, පෙ.ව. 8:16



ආණ්ඩුවේ ඇමතිධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා මේවන විට සාකච්ඡා පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග පැවසුවා.

ඒ සඳහා මැදිහත්ව කටයුතු කරනුයේ පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු බවයි වාර්තා වන්නේ.

එම මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ඇමතිධුර දරන පොදුජන පෙරමුණ පෙරමුණේ ප්‍රබලයන් කිහිදෙනෙකු පසුගිය දා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දැනගන්නට තිබෙනවා.

ඔහු ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර හොබවන කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකුම හමුවී ඇතැයි ද වාර්තා වනවා.

බස්නාහිර පළාත නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණෙන් ඉවත් ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අයෙකු බව එම ආරංචි මාර්ග සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: