hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 15, ප.ව. 6:31



ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

තම පක්ෂය එම ඡන්දයට කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට පොදුජන පෙරමුණේ නායකයන් තීරණයක් ගෙන ඇති බවත් පෙන්වා දෙන මහ ලේකම්වරයා මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම තීරණයට පිටින් ගොස් ජනපති ධුරයට තරග කිරීමට තීරණය කළ ද පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ද කියා සිටියා.

ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාම යෝජනා කැඳවන අවස්ථාවේ තමන් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ සාම්ප්‍රදායික බෙදීම් වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම තමන්ගේ අරමුණ බවයි.

එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමඳ සහය, තමන් අපේක්ෂා කරන බවයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: