hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 07, ප.ව. 1:39



පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා කැඳවීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා.

ඒ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා සකස් කිරීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්.

ඊට හේතුවී ඇත්තේ එම පක්ෂයේ ඇතැම් දිස්ත්‍රික් නායකයන් විසින් නාමයෝජනා සකස් කිරීම සඳහා මැදිහත්වීමට ප්‍රතික්ෂේප කිරීමයි.

දිස්ත්‍රික්ක කිහිපයකම නායකයන් සඳහන් කර ඇත්තේ තමන්ට වෙනත් වැඩ රාජකාරි ඇති නිසා නාමයෝජනා සකස් කිරීම වෙනත් කිසිවකු වෙත පවරන ලෙසයි.

මේ හේතුවෙන් දැනටමත් දිස්ත්‍රික්ක කිහිපයකම පක්ෂයේ දෙවන පෙල ක්‍රියාකාරීන් වෙත නාමයෝජනා සකස් කිරීම බාර දී තිබෙනවා.

මේ අතර එම පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මැතිවරණයට තරග කිරීම සදහා නාමයෝජනා ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයිද වාර්තා වනවා.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කලකිරීමෙන් යුතුව ඔවුන් මෙවර මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර තිබෙනවා.