hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 12, ප.ව. 4:02



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන හිටපු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 20 කට ආසන්න පිරිසක් විවිධ කලකිරීම් හේතුවෙන් ඉදිරි මැතිවරණයේදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

අරගලය පැවති අවස්ථාවේදී ජනතාව ක්‍රියා කළ ආකාරය ගැන ඇතැම් හිටපු මන්ත්‍රීවරුන්ගේ දැඩි කලකිරීමට හේතුවී ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මීට අමතරව විවිධ චෝදනාවලට ලක්වූ පළාත් පාලන හිටපු මන්ත්‍රීවරුන් පිරිසකට නාමයෝජනා නොදීමට එම පක්ෂය තීරණය කර ඇතැයිද වාර්තා වනවා.

නාමයෝජනා නොදෙන හිටපු මන්ත්‍රීවරුන් අතර අරගලයට සම්බන්ධවී මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කළ කිහිප දෙනෙක්ද වන බවයි වාර්තා වන්නේ.

අම්පාර දිස්ත්‍රික්කයේ කලකිරීමට ලක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් 15දෙනෙකු පමණ ඉදිරි මැතිවරණයට තරග නොවදින බව එම පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. 

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භවී තිබෙනවා.