hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 13, ප.ව. 1:44



පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු නොකිරීමට මාතලේ මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් තීරණය කර තිබෙනවා.

මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන් මහතා ඊයේ පැවසුවේ පසුගිය මැතිවරණයේදී නිර්දය ලෙස විවේචනයට ලක් කළ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙන එජාපය හා එක්ව තරග කිරීමට වඩා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් නොවීම සදාචාරාත්මක බවයි.

වාමාංශික කඳවුරක් හා එක්ව කටයුතු කිරීමේ හැකියාව තිබෙන නමුත් මෙරට තාරුණ්‍ය ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක එජාපය හා සන්ධානගත වීම කින් ලබා දීමට නොහැකි බැවින් නව සන්ධානයක්, නව ලකුණක් යටතේ ඡන්දදායකයා හමුවට යෑම ශීලාචාර බව ද නියෝජ්‍ය නගරාධිපතිවරයා පැවසුවා.

ඡන්දදායකයාගේ සිතුම් පැතුම් අතික්‍රමණය කිරීමේ හැකියාව දේශපාලනඥයාට නොමැති බවද ඔහු සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය නොමැතිව මෙවර පළාත් පාලන මැතිවරණයේදී දඹුල්ල මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට පොදුජන පෙරමුණ පාර්ශ්වයට හැකියාව ඇති බව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසුවා.