hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 01, ප.ව. 5:56



කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් වාර්තා කර තිබෙනවා.

ඉදිරි වසර තුනක කාලයක් සඳහා නියෝජිතයන් තෝරාගැනීම මෙහිදී සිදුව ඇති අතර, ඊයේ (31) දිනයේයි මෙම ඡන්ද විමසීම සිදුකර තිබුණේ.

මහා සභා නියෝජිතයන් 100 දෙනෙකු තෝරාගෙන තිබූ අතර, ඉන් 70ක් තේරී පත්ව ඇත්තේ පොදුජන පෙරමුණෙන්.

26 දෙනෙකු සමගි ජන බලවේගයෙන් තේරී පත්ව ඇති අතර ජාතික ජන බලවේගයෙන් තේරී පත්ව ඇත්තේ 04 දෙනෙකු පමණයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,