hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 31, පෙ.ව. 7:42



රටේ නැවත කලහකාරී වාතාවරණයක් අගෝස්තු 9 වන දා ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට සූදානමක් පවතින බව වාර්තාවනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සඳහා එළඹෙන සතියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි.

ඒ වෙනුවෙන් දිනයක් හා වේලාවක් වෙන්කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.

පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතයි.

රටේ නැවත අරගලකාරී තත්ත්වයක් ඇති වීම පිළිබඳ සමාජ කතිකාවක් ඇතිවී ඇති බවත් යම් විදිහකින් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මේ මොහොතේ සන්සුන් වී ඇති රට නැවත අස්ථාවරත්වයට පත්විය හැකි නිසාත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

එවැනි අරගලයක් ඇති වුවහොත් කිසිවෙකුට හානියක් නොවන ආකාරයෙන් එය මැඩපැවැත්වීමටත් ඒ සඳහා ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ඇතුළු උපායමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන බව ද එම ආරංචි මාර්ග කියා සිටියා.

ඊට අමතරව රටේ ජාතික ආර්ථිකය ගොඩනැගීම, ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ලබා දීම, පොහොර සැපයීම, ගෑස් හා ඉන්ධන සැපයීම, ඖෂධ සැපයීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී මූලික අවධානයක් යොමු කිරීමටද නියමිතයි.