hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 10:08



පොහොට්ටුවේ වෘත්තීය සමිති නායකයින් බොහෝ දෙනෙකු මේ වන විට නව සන්ධානයට එක්වෙමින් තිබෙන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පවසයි.

දැනට එම පක්ෂයේ වෘත්තීය සමිති 100කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ඉන් 25 කට ආසන්න ප්‍රමාණයක් නව සන්ධානයේ නායක අනුර යාපා සහ නිමල් ලන්සා යන මන්ත්‍රීවරුන් හමුවී නව සන්ධානයට එකතුවී තිබෙනවා.

පසුගියදා පොහොට්ටුවේ පෙරපාසල් ගුරු සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් මහතාද නව සන්ධානයට එකතු වී ඇත.

ඔහු කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් වරයෙකු ලෙස ඊයේ සිට පත්කර ඇති බවද වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: