hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 ජනවාරි 13, පෙ.ව. 12:32



පසුගියදා ප්‍රධාන පුවත් මැවූ නෞකාවක පැවති බව කියන රාත්‍රී සාදය ගැන සඳහන් කරමින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පවසන්නේ, එය කොළඹ වරායේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කළ අධ්‍යයන චාරිකාවක් පමණක් බවයි.

මාධ්‍යවේදීන් අමතමින් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ මෙම සංචාරය සුඛෝපභෝගී සාදයක් ලෙස සඳහන් කළ අය, එවැනි සාදවලට සහභාගී වීමේ කැමැත්තෙන් සිටින්නන් බවයි.

“අපට ඇත්ත පාර්ටියක් පවත්වන්න අවශ්‍ය වුණා නම්, අපි ඒක තියන්නේ සුඛෝපබෝගී යාත්‍රාවක මිස කැණීම් සිදුකරන යාත්‍රාවක නෙවෙයි” යැයි ඔහු වැඩිදුරටත් පැවැසුවා.