hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 16, පෙ.ව. 9:25



මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දෙදරීමක් හට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට සහාය ලබාදීම පිළිබඳ විවිධ මත පලවීම හේතුවෙන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ පොහොට්ටුවේ සහය වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ ලබාදීමට තීරණය කළ බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින් සහාය දිය යුත්තේ ,පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින්, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බව ද ඔහු සඳහන් කළා.

ලබන 20වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට ඉදිරිපත් වන බව ඩලස් අලහප්පෙරුම දැනටමත් ප්‍රකාශ කර ඇති බවත් ඔහු ඉතා සුදුසු අපේක්ෂකයෙකු බවත් පීරිස් මහතා ප්‍රකාශ කළා.

මේ අතර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ජනාධිපති තනතුරට ඉදිරිපත් වන්නේ නම් තමන් ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දක්වන නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය ඇතිව පැමිණෙන්නේ නම් ඔහුට සහාය නොදක්වන බවයි.

ඊයේ පැවැති ‌පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමේදී රණතුංග මහතා මේ බව සදහන් කර තිබෙන බව වාර්තා වුණා.

සජිත් ප්‍රේමදාස මහතාගේ සහයෝගය ඇතිව පැමිණෙන්නේ නම් ඊට තමන් විරෝධය පළ කරන බවද ප්‍රසන්න රණතුංග මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම සාකච්ජාවේදී උණුසුම් වාදවිවාද සිදුවූ බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: