hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 27, ප.ව. 10:43



හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුවන් කිහිපදෙනෙකු තවමත් සිය නිල වාහන භාවිතා කරන බවට වාර්තා වනවා.

ඒ අතර මීට පෙර සුළු අපනයන භෝග රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාද තවමත් සිය නිල වාහනය භාවිතා කරන බවත් එය භාර නොමැති බවත් දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

සුළු අපනයන භෝග රාජ්‍ය ඇමතිවරයා කපිල නුවන් අතුකෝරල මහතා කටයුතු කළේ පසුගිය අප්‍රේල් 21 සිට මැයි 9 දක්වා සති 2 ක පමණ කාලයක්.

එම කාලසීමාවේදී අමාත්‍යංශයෙන් ගත් කැබ් රථය තවමත් භාරදී නොමැති බවයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසූවේ.

එම අංක OK 7047 දරන ටොයෝටා වර්ගයේ කැබ් රථයක් වන එය වටිනාකමින් කෝටි දෙක හමාරක් පමණ වන බව වාර්තා වනවා.

මෙම රථය භාර දෙන ලෙස, වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුම් දී ඇතත් තවමත් මෙය භාර දී නොමැති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

තවද, මේ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාද දැනුවත් කර තිබෙනවා.