hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 15, පෙ.ව. 11:58



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී මෙම නිවේදනය නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කර මව්බිමට සාමය දිනා දීම වෙනුවෙන් තීරණාත්මක කාර්‍ය්භාරයක් ඉටුකර විශිෂ්ටත්වයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනපතිවරණ ජයග්‍රහණය විජයග්‍රාහණයක් කරන ලද්දේ ඉතිහාසගත ජන වරමෙන් බවයි.

ජනාධිපති ධුරයට පත් වී මාස 03ක් ගත වීමට මත්තෙන් කොවිඩ් ව්‍යසනයෙන් රට වැසියන්ගේ ජීවිත බේරා ගැනීමේ සංකීර්ණ අභියෝගයට මුහුණදීමට ද හිටපු ජනාධිපතිවරයාට සිදු වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේවෙතත් කොවිඩ් අර්බුදයත් සමග රට තුළ ඩොලර් අර්බුදය නිර්මාණය වූ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරන්නේ, හිටපු ජනාධිපතිවරයා ගත් මෙම ඉල්ලා අස්වීමේ තීන්දුව දුෂ්කර තීන්දුවක් බවයි.

බිහිසුණු යුද බිමේ රණවිරුවෙකු ලෙසත් ‍රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙසත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙසත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ කළ සේවයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ආචාරය පුද කරනු ලබනවා.

එමෙන්ම ඔවුන් අවසන් වශයෙන් සඳහන් කර ඇත්තේ අනාගත පුරවැසියන්ගේ හෘද සාක්ෂිය තුළින් ඔබ වැනි අවංක මිනිසෙකුගේ වටිනාකම පිළිබඳ සංවාදයක් නියත වශයෙන් ම නිර්මාණය වනු ඇති බවයි.






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: