hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 19, පෙ.ව. 8:05



එස්.එම්.චන්ද්‍රසේන හිටපු ඇමතිවරයා නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ඇතිවූ යම් සිද්ධියක් සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරනවා.

ඉකුත් 16 දින ජනපතිවරයා හිටපු ඇමතිවරු කැඳවා පැවැත්වූ සාකච්ඡාවකදී තමන්ට ආධුනිකයන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් සෑදීම සඳහා හිටපු ඇමතිවරු ඉවත් වෙන ලෙස ඉල්ලීමක් කළ බව ඔහු හෙළිදරව් කරනවා.

පැමිණි එකගතාවය

ඒ වන විටත් කැබිනට් ඇමති ධුර වලින් ඉල්ලා අස් වී සිටී තමන්ව යළි පත් නොකරන ලෙස එම සාකච්ඡාවේදී හිටපු ඇමතිවරු එකඟතාවයකට පැමිණි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේ පෙන්වා දෙන ඔහු සඳහන් කරන්නේ ඇමති ධුර බාර නොගැනීමට එකඟතාවයට පැමිණි හිටපු ඇමතිවරු එක්කෙනෙක් දෙන්නෙක් යළිත් එම ඇමතිධූර වල පෙනී සිටීම ජනපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඇති වූ එකඟතාවයට අනුව සිදුවී නැති බවයි.

ඒ සම්බන්ධයෙන් තමන් තුළ කණස්සල්ලක් තිබෙන බවයි චන්ද්‍රසේන මහතා අවධාරණය කරන්නේ.

ඇමති ධුර

ඇමති ධූර තමාට ලොකු නැති බවත් මීට පෙරත් තමා ඇමති ධුර අත හැරි බවත් ඔහු මතක් කර දෙනවා.

චන්ද්‍රසේන හිටපු ඇමතිවරයා මේ බැව් සඳහන් කළේ මාධ්‍ය හමුවක් පවත්වමින්.

ජනපතිවරයා ඉදිරියේ ඇති වූ එකගතාවය කැඩු හිටපු ඇමතිවරු කවුරුන්දැයි යන්න චන්ද්‍රසේන මහතා හෙළිදරව් කරන්නේ නැහැ.

එහෙත් හිටපු ඇමතිවරුන් වන ප්‍රසන්න රණතුංග , වෛද්‍ය රමේෂ් පතිරණ නව කැබිනට් මණ්ඩලයේ පත්වීම් ලැබ සිටිනවා.