hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 09, ප.ව. 9:45



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(09) රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපි කතානායකවරයාට යොමු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව වැඩ බලන ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්වීමට නියමිතයි. 

ඉන් පසු සතියක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා නව ජනාධිපතිවරයකු පත් කර නව රජයක් පත්කර ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

මේ අතර අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කථානායකවරයා වට්ස් ඇප් (WhatsApp) හරහා ජනාධිපතිවරයාට දන්වා තිබෙන බව වාර්තාවනවා.

කතානායකවරයා විසින් ලිඛිතවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දී තිබෙනවා.

සිය ලිපියේ කතානායකවරයා සදහන් කොට ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට මෙම පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇති බවයි.

ඒ බව දැන්වූ ලිපිය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: