hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 30, පෙ.ව. 9:49



මේවන විට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කර තිබෙනවා.

ඒ අනුව එහි ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමද පසුගියදා පැවැත් වුණා.

මේ අතර රාජ්‍ය ආමත්‍යධූර වලට මෙතෙක් පත් කිරීම් සිදු කර නොමැත.

රජයේ ආරංචි මාර්ග පැවසූවේ රාජ්‍ය අමාත්‍යධූර ලබා ගැනීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර තරගයක් ඇති වී තිබෙන බවයි.

රාජ්‍ය අමාත්‍යවරුන් කොපමණ පිරිසක් පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නෑ.

එය විස්සකට හෝ විසිපහකට පමණ සීමා කෙරෙනු ඇතැයිද වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවත් මන්ත්‍රීවරුන් සිවුදෙනකු ආණ්ඩුවට සම්බන්ධ වීමට නියමිතව ඇති අතර, ඔවුන් සිවුදෙනාටද රාජ්‍ය ඇමති ධුර හිමිවීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍යවරුන් මේ සතියේ දී දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසුවා.

කැබිනට් ඇමැතිවරුන් පත් කිරීමේදී ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර දැඩි තරගයක් හටගෙන තිබූ අතර ,කැබිනට් අමාත්‍යධූර නොලැබුණු පිරිසක් කලකිරීමට පත්ව සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: