hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 11, ප.ව. 2:03



රාජ්‍ය ඇමැති කට්ටලයක් පත්කිරීම, ඇමැති ධුරයක් නොමැතිව ජීවත්විය නොහැකි මන්ත්‍රි කල්ලිය සන්සුන් කිරීමේ සහ සතුටු කිරීමේ උත්සාහයකැයි උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

එකී රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම මහජන මතය පිළිබඳ කිසිදු තැකීමක් නැතිව මළ පෙරේතයන්ට ‍ෙදාළපිදේනි දීමකැයිද හෙතෙම චෝදනා කළා.

මහජනතාව මත තවදුරටත් බදු බර පටවමින් සහ මෙවැනි ඇමැති මණ්ඩල පත්කරමින් රාජ්‍ය කළමනාකරණය කළ හැකි දැයි කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු විමසා සිටියා.

සර්වපාක්ෂික පාලනයක් හෝ සර්වපාක්ෂික ආණ්ඩුවක් තවදුරටත් වලංගු නොවන බව එහිදී ප්‍රකාශ කළ මන්ත්‍රිවරයා සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර වන ලෙස ඉල්ලූ ජනාධිපතිවරයාගේ අලුත් දේශපාලනය මේකදැයි විමසා සිටියා.

රාජ්‍ය අහිමිකර හයිටියක් නිර්මාණය කිරීමට බලා සිටින පාර්ශ්වයන්ට ජනාධිපතිවරයාගේ වැරදි භාවිතය උදවු කිරීමක් නොවෙන්නේ දැයි හෙතෙම එහිදී විමසා සිටියා.

නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය වරප්‍රසාද ලබා නොගන්නා බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූ වීරවංශ මහතා අමාත්‍ය වැටුපට වැඩි වටිනාකමක් අමාත්‍ය වරප්‍රසාදවලින් ලැබෙන බවද පැවැසුවා.