hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජූනි 10, ප.ව. 12:38



තම ආණ්ඩුවක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බව ඊයේ (09) වැනිදා පැවති ජන හමුවකදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබෙනවා.

13 බලාත්මක කරන වැඩේ එකපාරටම නින්දෙන් ඇහැරිලා වගේ විපක්ෂ නායකවරයාට මතක් වෙලා තියෙනවා යයි නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා අද (10) හෝකන්දර ප්‍රෙද්ශයේ පැවති හමුවක දී සඳහන් කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීශ්වර බණ්ඩාර මහතා මෙසේද කියා සිටියා.

“ඡන්ද ළං වෙනකොට විපක්ෂක නායකවරයාට 13 වෙනි සංශෝධනය බලාත්මක කරන්න මතක් වෙලා. ඒකත් මේ එකපාරටම ඊයේ පෙරේදා, අපි කියන්නේ එකපාරටම නින්දෙන් ඇහැරිලා වගේ කියලා අන්න එහෙම තමයි විපක්ෂ නායකවරයා 13 බලාත්මක කරන්න හදන්නේ.

කවුරු කොහොම කිව්වත් අපි විපක්ෂ නායකවරයාට කියන්න කැමතියි දමිළ ජනතාවගේ මනාප ලබාගන්න තියෙන උවමනාවට රට උගස් තියන්න එපා කියලා. මොකද විපක්ෂ නායකවරයා මේ ප්‍රකාශය සිදුකරලා තියෙන්නේ කිලිනොච්චියේ පැවති උත්සවයකදීයි. ඒකෙන්ම අපිට පැහැදිලි ඡන්ද බලාගෙන දෙමළ ජනතාවත් අන්දන්න හදන වැඩක් තමයි කරගෙන යන්නේ කියලා.

මෙච්චර දවස් නිශ්ශබ්දව ඉඳලා ඉන්දියානු බලහත්කාරකම් බලෙන් අපේ ජනතාවගේ පිට පටවන්න ලෑස්ති උනොත් විපක්ෂනායකවරයා විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට දකුණේ ජනතාවගේ ප්‍රතිචාරය බලාගන්න පුළුවන් අපි විපක්ෂනායකවරයාට කියනවා කටට ආව පලියට ඡන්ද බලාගෙන 13 ගැන නන් දොඩවන්න එපා රට හමුවේ හරියට පැහැදිලි කරන්න මේ බලතල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පොලිස් බලතල, ඉඩම් බලතල පිළිබඳ හරි පැහැදිලි කිරීමක් වහාම කරන්න.

දරුණු ආර්ථික අර්බුදයෙන් මිදී රට ටිකෙන් ටික නැගිටින වෙලාවක රට උගසට තබා කරන මේ ප්‍රකාශ පිළිබඳව රටේ පුරවැසියෝ සියලුම දෙනා ඉතාම අවධානයෙන් සිටින්නැයි මම ඉල්ලා සිටිනවා.

ජනාධිපති සිහිනය දකිමින් විපක්ෂනායකවරයා කරන මේ ප්‍රකාශ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාති භේදයකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතු බව අපේ හැඟීම බව විශේෂයෙන් සඳහන් කළ යුතු යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියා.