hit counter

2024 මැයි මස 13 වන සඳුදා

2024 අප්‍රේල් 28, ප.ව. 4:06



රටේ සිවිල් පුරවැසියන්ට මරණ දඩුවම දෙන්න ජනතා විමුක්ති පෙරමුණට එදා තිබුණ බලය කුමක්ද. එදා ජවිපෙ අතින් කෘර ලෙස ඝාතනය වුන ස්වාමීන් වහන්සේලා, කලාකරුවන්, ව්‍යාපාරිකයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු වටිනා මිනිස්සුන්ට නලින් හේවගේ ප්‍රසිද්ධ මාධ්‍යයේ අපහස කිරීම හෙළා දැකිය යුතුයි’ යයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

අවිස්සාවේල්ලල කිරිවන්දල දකුණ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘තරුණ අසහනය දේශපාලන කැරැල්ලක් කරපු ජනතා විමුක්ති පෙරමුණ අදටත් ඔවුන් විසින් එදා මරා දමපු මේ රටේ වටිනා ජීවිත වලට වෛර කරන බව පේනව. ඔවුන් තුල ඒ කළ වරද ගැන අදටත් කිසි පසුතැවීමක් නෑ. වසර තිස් පහකට පසුව ජනතා විමුක්ති පෙරමුණ අතින් මැරුණ මේ රටේ වටිනා ජීවිත වලට කසිප්පු කාරයින්, ස්ත්‍රී දූෂකයින් ලෙස ප්‍රසිද්ධ මාධ්‍යයේ අපහස කිරීම සහ එම ජීවිත මේ රටට කිසි වැදගත්කමකට නැති ඒවා ලෙස හන්වඩු ගැසීමට ජනතා විමුක්ති පෙරමුණ දරණ උත්සාහය තුල මහ අශිෂ්ට බවක් පේනවා.

අද පරිණත බුද්ධිමත් දේශපාලන චරිතයක් විදියට සමාජගත වෙන්න උත්සහ කරන නලින් හේවගේ මහත්තයල ඒ කාල මිනී මරල ඒ මිණිය කරතියන් කනත්තට ගෙනියන්න නොදී දණෙන් පහල මිණිය උස්සන් යන්න කියල අණ කරල ගතපු තිරිසන් සතුට ගැන ඔබ තමුන්නාසේලාට මේ සිද්ධියත් එක්ක මැවිල පේන්න ඕනෙ. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ තුල අදටත් තියෙන අනන්‍යතාවය. ඔවුන් එදත් කළේ ඒ මැරුණ මිනිස්සුන්ට අපහස කරපු එක. අද මේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහට ඇවිත් නලින් හේවගේ කරෙත් ඒ මැරුණ මිනිස්සු එක්ක තමන්ගෙ තියෙන වෛරය පිරිමහපු එක.

මේ සිද්ධිට මට බොහොම සංවේදීයි මොකද මගේ පියා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිටිය ඉතාමත් දක්ෂ නීතිඥයෙක් වගේම එම ප්‍රදේශයේ සෑම සියලු දෙනාගෙම ගෞරවාදරයට පත්වුන දැහැමි ජීවිතයක් ගත කරපු කෙනෙක්, ඔහු ජනතා විමුක්ති පෙරමුණ මරපු විජය කුමාරතුංග මහත්මයා , ප්‍රේමකීර්ති අල්විස් මහත්මයා වගේම මේ රටේ ජීවත් වුන ගෞරවාන්විත චරිතයක්.

එදා නලින් හේවගේ සහභාගී වුන අදාල රූපවාහිනී වැඩ සටහන බලන වෙලාවෙ ඔහු කියපු කතාව අහද්දි මට දැනුන හැගීම වචන වලට කියන්න බෑ. මගේ තාත්ත මරල දාල අවුරුදු තිස්පහකට පස්සෙත් ඒ මරණයට අපහස කරනව නම්, සිනාමුසු මුහුණෙන් ප්‍රසිද්ධ මාධ්‍යයෙ ඇවිත් තවමත් ඒ ගෞරවාන්විත මිනිස්සුන්ට අපහස කරල ඒ මරණයේ සතුට බුක්ති විදිනව නම් අපි ඒ දේශපාලන සංස්කෘතිය පිළිගන්න ඕනෙද?

මේ සිදුවීම් ඒක්ක අපි හැමෝම ආයෙ පාරක් හිතන්න ඕනෙ, නැවත නැවත හිතන්න ඕනෙ ජනතා විමුක්ති පෙරමුණ ඒ කෘරත්වයෙන් දැන් මිදිල කියල?

අන්‍යාගමික මතවාදය මේ රටේ ජනතාවට බලෙන් කාවද්දන්න හදපු වෙලාවෙ ඊට එරෙහි වුන පූජ්‍ය බෙලිගල්ලේ මහින්ද හිමි, පූජ්‍ය පෝද්දලමුල්ලේ ප්‍රේමාලෝක හිමි, පූජ්‍ය මාරඹේ සෝමරත්න හිමි, පූජ්‍ය අඟුණුකොළපැලැස්සේ උපාලි හිමි වගේ බුද්ධ පුත්‍රයින් අද වැඩ සිටිය නම් මේ රටේ සසුන ඒකාලෝක කරන නායක ස්වාමීන්වහන්සේලා, ඒ වගේම විජේකුමාරතුංග මහත්මය හිටිය නම් අද මේ රට සමෘද්ධිමත් කරපු ජාතික නායකය වෙන්න තිබ්බ.

එහෙම බැලුවම ජනකා විමුක්ති පෙරමුණ ග්‍රාමීය හා නාගරික මට්ටමින් සිදු කළ ඝාතන ලැයිස්තුවේ හිටපු බොහොමයක් දෙනා අද ජීවත් උනා නම් ඔවුන් අද මේ රටේ ප්‍රභල ව්‍යාපාරිකයො, උගත් බුද්ධිමතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයින් වෙන්න තිබ්බ නේද? එහෙම බැලුවම ජනතා විමුති පෙරමුණ තමයි මේ රටේ ජාතික ආර්ථිකය වට්ටන්න මූලිකවට කටයුතු කරල තියෙන්නෙ පක්ෂය. ඔවුන්ට ඒ ජාති ද්‍රෝහී ක්‍රියාවේ පාප කර්මයෙන් මිදෙන්න බෑ.

අපි මේ දේවල් මහත් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මේ රටේ මිනිස්සු ඉස්සරහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කොයි තරම් තමන්ගෙ මිනී මැරුම් සාධාරණීකරණය කරල ජනතාවගෙන් සමාව ඉල්ලුවත් මේ වගේ සිද්ධි වලින් ජනතාවට තේරෙනවා ඔවුන් තාම ඉන්නෙ පරණ මිනීමරු දේශපාලන සංස්කෘතිය තුළමයි කියල.

අපි මේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ අගතිගාමී බලවේග වලට විරුද්ධව පෙල ගැහෙන්න ඕනෙ. අපි මේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් මේ රට මුදවන්න පුළුවන් නායකයෙක් එක්ක ඉස්සරහට යන්න හිතන්න ඕනෙ. මේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම මිනිස්සු තුල “රනිල්ට ඉඩ දෙන්න කියල” මතයක් හදන්න තරුණ ඔබ අපි එක්ක පෙරට එන්න කියල මම ආරාධනා කරනව.