hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 14, පෙ.ව. 5:08



ඊයේ (13) රාත්‍රී දෙරණ නාලිකාවේ පැවැති 360 දේශපාලන වැඩසටහනේ උණුසුම් තත්වයක් ඇතිවුණා.

ඒ එම වැඩසටහනට සහභාගී වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ වැඩසටහන මෙහෙය වූ සංඛ අමරජිත් මාධ්‍යවේදීයා අතරයි.

එහිදී සුජීව සේනසිංහ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ “ඔබතුමා දානෙ ගෙවල්වල යන ගමන් ඔබතුමා. අද දානෙ ගෙවල්වල යනවා. අද බනිනවා. එහෙම නේද? රාජපක්ෂලාගේ දානේ ගෙවල්වල යනවා. පවුලේ හිතවතෙක් නේ. “

“ඔබතුමා කොහෙන්ද මේ. ඔබතුමා ජෝක් එකක් කරනවද”?

ප්‍රශ්නය – “එහෙම ගිය නැද්ද ඔබතුමා. ඔබතුමා රාජපක්ෂ පවුලේ සමීප හිතවතෙක්නේ.”

“ඔලුවෙ අමාරුවක්ද ඔබතුමාට. විහිලුවක් කරනවද ජෝක් එකක් කරනවාද කොමඩියක් කරනවද රූකඩ ජවනිකාවක් කරනවද” සුජීව සේනසිංහ මහතා සඳහන් කළා.

රාජපක්ෂලා සමග කිසිදු හිතවත්කමක් නොමැති බවත් දැක්කොත් හමුවූ විට කතාබහක කරන බවත් සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළා.