hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2024 ජූනි 03, පෙ.ව. 8:59



ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙකු ලෙස තමා විසින් හැඳින්වූයේ වැරදීමකින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ජාත්‍යන්තර අයෝජකයෙකු ව්‍යාපාරිකයෙකු මෙන් ම නව නිපැයුම්කරුවෙකු වන මස්ක් පිළිබඳ තමා බදුල්ලේ දී සිදුකළ ප්‍රකාශය වෙනස් ආකාරයකට අර්ථ නිරූපනය වී ඇති බව ද හෙතෙම සඳහන් කරනවා.

තමන් කීමට උත්සාහ කළේ රනිල් වික්‍රමසිංහ නොව කවුරු ආරාධනා කළ ද නීතියක් නැති රටක දේශපාලන ඇඟිලි ගැසීම් සිදුකරන පසුබිමක ලොව පිළිගත් කිසිදු ආයෝජකයෙකු ලංකාවට නොඑන බව යැයි හෙතෙම කියා සිටියා.

මෙම ප්‍රකාශයෙන් ඊලොන් මස්ක්ට යම් සිත්තැවුලක් ඇති වූයේ නම් තම කනගාටුව ප්‍රකාශ කරන බව ද සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළා.