hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 03, ප.ව. 6:26



බලය බෙදාහැරීමට ඉන්දියාව සහය ලබාදෙන බවටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වේවි යන විශ්වාසය ඉන්දියාවට ඇති බවට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කේ. අන්නාමලෙයි මහතා යාපනයේදී පවසා සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මේ දිනවල කේ. අන්නාමලෙයි මහතා යාපනයේ සංචාරයක නිරත වී සිටින අතර එහිදී ඊයේ (02) දින යාපනය නල්ලූර් කෝවිලේ දේව මෙහෙයකට සහභාගී වීමෙන් අනතුරුව ආගමික නායකයින්, දෙමළ දේශපාලන පක්ෂ නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් මෙන්ම යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින්ද හමුවීමෙන් අනතුරව මාධ්‍යට අදහස් දැක්වුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ අන්නාමලෙයි මහතා පවසා සිටියේ,

‘‘ශ්‍රීලංකාවේ සාමය ඇතිවිය යුතුයැයි යන අදහසින් අපේ රජය කටයුතු කරනවා. රජිව්ගාන්ධි අග්‍රාමාත්‍යවරයාගේ කාලයේ ඇති කරගත් ගිවිසුමක් අනුව ගෙනඑනු ලැබූ 13 වැනි සංසෝධනය සම්පූරණයෙන්ම ක්‍රියාත්මක කලයුතු බව පසුගියදා කොළඹට පැමිණි ඉන්දියාවේ විදේශ අමාත්‍ය ජයශංකර් මහතා කියා තිබුණා. උතුරු නැගෙනහිර පලාත්වල සාමය හා යහපත් ආර්ථික තත්වයන් ඇතිකිරීම සඳහා ඉන්දියාව විවිධ සහයෝගයන් ලබාදෙනවා. ඔවුන්ට හෝඳ විසඳුමක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම බලය බොහැරීමට ඉන්දියාව සහය දක්වනවා. අපේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් සිදුකරන ලබන ප්‍රකාශ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සිදුකරන ප්‍රකාශයි. එය ඉන්දියාවේ නිල ස්ථාවරයයි. ඉන්දියාවේ විදේශකටයුතු අමාත්‍යවරයා මෙහි පැමිණ කුමක් පවසුවද එය අනිවාර්යෙන්ම සිදුවේවි කියන විශ්වාශය  අපිට තියනවා. එයට ඉන්දියාව සහය දෙනවා.”