hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 13, පෙ.ව. 9:57



රට වැටී තිබෙන්නේ බරපතළ අගාධයකට බවත් එය ගොඩනැගීම උදෙසා වැඩපිළිවෙළ සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තිත්ත ඇත්ත වන්නේ රට වැටී ඇති තරමින් ගොඩ ගැනීම ලෙහෙසි පහසු නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා සත්‍ය කතා කොට ගෙදර යන්න වුවත් ඒ ගැන කනගාටු නොවන බවද කියා සිටියා.

‍රටේ පාලකයින් පරමාදර්ශී වියයුතු බවත් කැපකිරීම් කළයුත්තේ ඔවුන් බවත් කී විපක්ෂ නායකවරයා තම කණ්ඩායම ඊට සූදානම් බවත් සඳහන් කළා.

දෙවසරක් තිස්සේ නිද්‍රාශීලීව සිටි ආණ්ඩුව මේ ව්‍යසනය නිසා දැන් විපක්ෂයෙන් විසඳුම් තිබේ දැයි අසන අතර තමන්ට ඊට විසඳුම් ඇති බවත්, යම් හෙයකින් තමන් ඇතුළු කණ්ඩායම මේ මොහොතේ බලයේ සිටියා නම් මෙවැනි බරපතළ බරපතල අගාධයකට රට පත් වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා. 

ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් සිදු සිදු නොකළ ආකාරයේ වැඩ කොටසක් සමගි ජන බලවේගය සිදුකොට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා “සමගි ජන බලවේගයෙන් හුස්මක්”, සක්වල වැනි වැඩසටහන් ඊට කදිම උදාහරණ බවද පෙන්වා දුන්නා.

එදා සිට තමන් කල්තියා කළ අනතුරු ඇඟවීම් සියල්ලම පාහේ අද වන විට ඇත්තක් වී ඇති බවත්, මේ රටේ සමස්ත ජනතාව අත්විඳින දුක කඳුල වේදනාව පිළිබඳව බලවත් සංවේගයක් තමනට ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.