hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:55



රටේ ඇතිවී තිබු ගැටළු සහගත තත්වය හා පිඩනය තාවකාලිකව සමනය වි ඇතත්, ඉදිරි අනාගතයේ දී මීටත් වඩා ගැටළු සහගත තත්වයන්ට මුහුණදිමට සිදුවිය හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

මේවා පාලනය කිරිමට බැරි තත්වයකට රට පත්වුවහොත් මහා සංඝරත්නයට මෙන්ම රජයටද කීරිමට දෙයක් නොමැති බවත්  එම නිසා එතනට රට පත්විමට ඉඩනොදි රට රැකගැනිම සියලුදෙනාගේ යුතුකම හා වගකිම බවද කථානායකවරයා කියා සිටියා.

ඔහු මේ බව පැවසූවේ ගාල්ලේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්. මෙම උත්සවය ගාල්ල, තවලම, හබරකඩ ශ්‍රි විජයානන්ද පිරිවේනේ දි පැවැත්වුණා.

කථානායකවරයා මෙසේද කියා සිටියා.

“රටේ පාලකයා රටේ පාලනය අත්හැරලා යනවා කියලා කියන්නේ මොනතරම් තත්වයක් රටේ තියෙනවා කියලා ඔබවහන්සේලා හිතනවාද? තමන්ගේ පාලනය අත්හැරලා කාටවත් දැනෙන්නේ දෙන්නේ නැතිව හිටපු ගමන් ගියවිට මොනතරම් ප්‍රශ්නයක් ගැටළුවක් පිඩනයක් රටේ තියෙන්න ඇද්ද, ඒ පිඩනය ගැටළුව නැතිවුනේ නැහැ එක තියෙනවා. තාවකාලිකව යටපත්විමක් තමයි තියෙන්නේ පොඩි සමනයක් වෙලා තියෙනවා.

මේ අවස්ථාවේ විහාරස්ථාන ඇතුළු සියලුදෙනාට විදුලිබිල තුන්ගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා. මේක දරන්න පුළුවන් බරක් නෙවෙයි වතුර බිලත් තුන්ගුණයකින් වැඩිවෙලා. විශාල වියදමක් දැරිමට සිදුවෙලා තියෙනවා. බොහොම කල්පනාවෙන් විදුලිබිල හා ජලබිල පිරිමහගෙන පාවිච්කිරිමට සිදුවෙලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේ විහාරස්ථානවලට ඒක කරන්න බැහැ. විහාරස්ථාන පොදු ස්ථානයන්. විහාරස්ථාන කළුවරේ තියන්න බැහැ. යම්කිසි සහනයක් විහාරස්ථාන වලට ලැබිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඉදිරියේ දි ජනාධිපතිතුමා අගමැතිතුමා, විදුලිබල ඇමතිතුමා සමග කථා බහකරලා විහාරස්ථාන සදහා සහනයක් ලබාදිමට කටයුතු කිරිමට බලාපොරොත්තු වෙනවා” යැයිද කථානායකවරයා සදහන් කළා.

ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: