hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 8:19



මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා අද(09) මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී රාජකාරිය කටයුතු ආරම්භ කළා.

එස අවස්ථාවට සහභාගී වී තිබුණේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු පමණක් බව වාර්තා වනවා.

විශේෂත්වය වූයේ එම වැඩ බාර ගැනීමේ අවස්ථාවට වෙනත් මැති ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරයාගේ පවුලේ හෝ වෙනත් පුද්ගලයින් සහභාගී නොවීමයි.

මේ අවස්ථාවේ වැඩ බාර ගැනීමේ උත්සව නොපවත්වා රාජකාරී ආරම්භ කිරීමට රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී තිබූ බවයි වාර්තා වෙන්නේ.

ඒ මහතා මීට ප්‍රථම මුදල් හා රාජ්‍ය ආදායම් අමාත්‍යවරයා හා නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: