hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 04, ප.ව. 3:54



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු මාරුවක් පිළිබඳ ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස තිසර ගුණසිංහ මහතා පත් කර තිබෙනවා.

තිසර ගුණසිංහ මහතා මේවන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හබරාදූව ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරනු ලබනවා.

ඒ අනුව අද (04) දින සිට ක්‍රියාත්මක පරිදි එම තනතුරේ පත් වීම ලබා දී තිබෙන බවයි එම පක්ෂ ආරංචි මාර්ග පැවසූවේ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමත් සමඟ ඔහු ශ්‍රීලනිපයේ දැරූ ප්‍රචාරක ලේකම්, උප ලේකම් සහ දඹදෙණිය ආසන සංවිධායක යන ධූරවලින් ඉවත් කරනු ලැබුවා.

ඒ අනුව පක්ෂයේ මාධ්‍ය ලේකම් ධූරයද පුරප්පාඩු වී තිබුණා.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක නොවූ අතර එම කටයුතු නිසි වැඩපිළිවෙලක් යටතේ පක්ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට දක්ෂ උගත් තරුණ නායකයෙකුට එම කටයුතු බාර දීමට පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

පත්වීම් ලිපිය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: