hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 24, ප.ව. 12:58



ඌව පරණගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

මෙහිදී වැසිකිළි පහසුකම් නොමැතිව සංචාරකයන් අපහසුතාවයට පත්ව ඇති බෝබුරුඇල්ල පිළිබද ගැටළුව සාකච්ඡාවට ගැනින.

මෙහිදී වැලිමඩ අඩවි වන නිලධාරිනිය කියා සිටියේ මෙම සංරක්ෂිත වනාන්තරයක පිහිටා ඇති බවත් ඉදිකිරීම් කටයුතු සඳහා ඌව පරණගම ප්‍රාදේශීය සභාවට ඉඩ දිය නොහැකි බවය.

ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය කියා සිටියේ මෙම ස්ථානය නඩත්තු කරන්නේ තමන් බවත් තම ප්‍රධාන ආදායම් මාර්ගය මෙය බවත් සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සඳහා තමන් හට ඉඩ දෙන ලෙසත්ය.

මෙහි දී අඩවි වන නිලධාරිනිය කියා සිටියේ හවුල් ව්‍යාපෘතියක් ලෙස මෙයට ඉහළට දැනුම් දී ඉඩ ලබාදිය හැකි බවත්ය.

ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්වරයා ද මෙම ඉදිකිරීම් සදහා ප්‍රාදේශීය සභාවට ඉඩදිය යුතු බව කියා සිටියා.

මෙහිදී මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා කියා සිටියේ ඇල්ලට එන ජනතාවගේ ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහල නංවලා ඒකෙන් ගාණක් කොටා ගන්න මේ වන සංරක්ෂණය හදන්නේ මිනිස්සුන්ට කෙලවෙලා ඉන්න කොට ඒකෙනුත් ගාණක් කොටා ගන්න හදනවා. මේ අයගේ තණ්හාව. අපි කවුරුත් ජනතා සේවකයෝ ඌ වැඩියෙන් ගොට්ට අල්ලපු නිසා ඇමති වෙන්න ඇති. ඒ උනාට අපේ ඉල්ලීම් ඉටු කර දෙන්නයි ඉන්නේ. මේ ගැටළුව ඉක්මනින් විසදිය යුතු බව කියා සිටියා.