hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 30, ප.ව. 9:51



කලක් විරසකව සිටි ලංකා කම්කරු ක්‍රොංග්‍රසයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා සහ දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා අද එකම වේදිකාවක සිටිනු දක්නට ලැබුණා.

ඒ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට හැටන් දික්ඔය ප්‍රදේශයේදී එක්වෙමින්.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතාට සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට ද ආරාධනා කර තිබුණා.

වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනිම සදහා දමිල ප්‍රගිතිශිලි සන්ධානය සමග එක්ව කටයුතු කිරිමට ලංකා කම්කරු කොන්ග්‍රසය එකගතාවයකට පැමිණ ඇතත් ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ වලදි වෙන් වෙන් වශයෙන් තරග කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා පැවසුවා.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ජිවන් තොණ්ඩමන් මහතා මෙසේ කියා සිටියා,

“අද මෙතෙන ඉන්න ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම ඇයි මෙම උත්සවයට සහභාගි වුණේ කියලා? මට මෙම උත්සවයට සහභාගි වෙන්පන කියලා දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙන් ආරාධනාවක් ලැබුණා. එම ආරාධනාව අනුව මම මෙම උත්සවයට ආවා. අපි වෘත්තිය සමිති විදිහට වෙන් වෙන්ව කටයුතු කරලා වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න බැරි තත්ත්වයක් උද්ගත් වෙලා තියෙනවා ඒ නිසා දමිල ප්‍රගිතිශිලි සන්ධානයත්, ලංකා කම්කරු කොන්ග්‍රසයක් දිර්ඝ වශයෙන් සාකච්ඡා කරලා එකගතාවයකට ආවා වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනිමට එකට එකතු වෙලා කටයුතු කරන්න.

අපි මැතිවරණ වලදි වෙන් වෙන්ව තමයි කටයුතු කරන්නේ , මගේ පියා මියගියාට පස්සේ මට පාර්ලිමේන්තුවේදි සහ දේශපාලන කටයුතු වලදි දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන් මහතා පියෙක් වගේ පිටුපසින් හිදගෙන මට උපදෙස් දුන්නා. ඒ වගේම තමයි පලනි දිගම්බරම් මහතා මට අයියා කෙනෙක් වගේ  එයත් මට උපදෙස් දෙනවා. අපි සියළු දෙනා ශක්තිමත්ව කටයුතු කලොත් අපට ගොඩක් දේවල් දිනා ගන්න පුළුවන්.”