hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 31, පෙ.ව. 8:16



සජිත්ලා ඉන්නේ දෙලොවක් අතර බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙනවා.

“ආණ්ඩුව දිහාත් බලනවා. විපක්ෂය දිහාත් බලනවා. රනිල් ගෙනාව මිනි අය-වැය, ඛනිජ තෙල් සංස්ථාව විනාශ කරන සංශෝධන පනත වාගේ පනත්වලට විරුද්ධ වුණේ නැහැ. ඛනිජ තෙල් සංස්ථාව කෑලි කෑලිවලට කඩලා විකුණන පනතට විරුද්ධ වුණේ මන්ත්‍රීවරුන් හත්දෙනයි. ඒ හත්දෙනාගෙන් ජාතික ජන බලවේගයේ තුන්දෙනාම ඉන්නවා. සජිත්ලා විරුද්ධ වුණෙත් නැහැ. පක්‍ෂ වුණෙත් නැහැ. කොන්දක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා ගමේ යූඑන්පී සාමාජිකයින් දැන් අපේ වේදිකාවට ගොඩ වෙනවා. ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගය සමඟයි.” යැයි ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා.

“ආණ්ඩුව බදු පිට බදු ගහමින් ජනතාවට බර පැටවීම කෙළවරක් නැහැ. මාසයකට ලක්‍ෂයයකට වඩා උපයන අනතාවට 6% පටන්ගෙන 36% දක්වා බදු ගහලා තිබෙනවා. තමන් ලබන ආදායමෙන් තුනෙන් එකකටත් වඩා බදු ගහනවා කියන්නේ, සුළුපටු දෙයක් නොවෙයි. මේ නිසාම බැංකු පද්ධතියේ ඉහළ නිලධාරීන් විශ්‍රාම යන්නට සූදානම් වෙනවා. අනෙකුත් රැකියා කරන ඉහළම දැනුමක් සහ නිර්මාණශීලී හැකියාව තිබෙන අය රටත් දාලා යනවා. මේ පාලකයන් ආර්ථිකය වැට්ටුවා; නිෂ්පාදනය වැට්ටුවා; රටත් වැට්ටුවා. ජනතාවට බදු පිට බදු පටවන ගමන් අනෙක් පැත්තෙන් දරා ගන්න බැරි උද්ධමනයක් රටේ ඇති කරලා තිබෙනවා. මේ විදියට තවදුරටත් යන්න බැහැ. මේ පාලකයෝ වට්ටපු රට තව තවත් වට්ටනවා මිස ගොඩ ගන්න සැලැස්මක් ඔවුන්ට නැහැ. නමුත්, ඒ අය නම් ගොඩ යනවා.” ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: