hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූනි 28, පෙ.ව. 7:03



ඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපානයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජන බලවේගයේ නායක අනුරකුමාර මහතා අවධාරණය කරනවා.

අනුර කුමාර මහතා ඒ බව කියා සිටියේ යාපනයේ පෞද්ගලික හෝටලයක පසුගිය 25 වනදා පැවති ජාතික ජනබලවේගයේ දිස්ත්‍රීක් සමලුවට සහභාගී වෙමිනි.

මෙම සමුළුව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා, ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරෙස් ප්‍රේමචන්ද්‍රන් මහතා, හිටපු පලාත්සභා සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා ඇතුලු යාපනය දිස්ත්‍රීක් ජාතික ජනබලවේගයේ සාමාජිකයින් රැසක් සහභාගී වීම විශේෂත්වයක්.

එහිදී රැස්ව සිටි පිරිස් ඇමතු අජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

“උතුරේ මේ වෙනකොට අතුරුදහන් වූවන්ට ගැටලුවක් තියනවා යුද්දේ අවසන් වෙලා අවුරුදු 13 ක් ගිහිල්ලත් විසඳුමක් නැහැ. ඒකේ වේදනාව දන්නේ අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් ඥාතීන්. ඒ වගේම තමයි උතුරේ ඉඩම් ගැටලුත් ඒ විදිහටමයි. කිසිම විසඳුමක් නැහැ තාමත්. තවත් පැත්තකින් ගත් විට ධීවර ගැටලුව. ඉන්දීය ධීවර බලපෑම නිසා පීඩාවන්ට පත් උතුරේ ධීවරයින්ට ඉක්මන් විසඳුමක් ලැබිය යුතුයි.

මේ රටේ ජනාධිපතිගේ සිට අගමැති මැති ඇමතිවරුන්ට සොරකම් ගැන නඩු, චෝදනා තියනවා. මේ මහජනතාවගේ මුදල් ඒ මුදල් , දේපල නැවත ඒ අයගෙන් අයකරගත යුතුයි.

විදෙස්ගතව සිටින සිංහල, දෙමළ ඩයස් ෆෝරාවන් එකතුවිය යුතුයි. එකතුකරගෙන සියලු දෙනා එක්ව ජාත්‍යන්තරයේද සහයෙන් මේ රට ගොඩගත හැකියි. මේ නිසා උතුරේ ජනතාව හැටියට ඔබ තොරාගතයතු දකුණේ දේශපාලනයක් ඇත්නම් ඒ එකම පක්ෂය ජාතික ජනබලවේගයයි. අපිට මේ රට භාරදෙනවනම් අපි මාස 6 කින් මේ රට ගොඩදාන්න ලෑස්තියි. මේ සඳහා සියලු දෙනා එක්වෙන්න කියන ඉල්ලීම අවසන් වශයෙන් කියන්න කැමතියි යනුවෙනි.” යැයි අනුර කුමාර මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: