hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 10, පෙ.ව. 11:36



ඉදිරි මාස කිහිපය තීරණාත්මක බැවින් විදෙස් ගමන් වහාම අවම කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන කටයුතු සඳහා පැමිණීම අවශ්‍ය බැවින් හැකිතාක් මෙම විදේශ ගමන් සීමා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් මෙසේ උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා.

මෙ අතර ඉදිරි මැයි රැළියෙන් පසු මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන වැඩකටයුතු වේගවත් කරන ලෙස මෙන්ම මැයි රැළිය ජනාධිපතිවරණය සෘජුව ඉලක්ක කරගනිමින් දේශපාලන වැඩකටයුතු සිදුකරන ලෙසද මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව සදහන්.

එමෙන්ම පක්ෂ සහ කණ්ඩායම් ඒකරාශී කොටගෙන පුළුල් සන්ධානයක් නියෝජනය කරමින් මැතිවරණයට සහභාගී වීමට ජනාධිපතිවරයා සැලසුම්කර ඇති බවද ආණ්ඩුවේ ජේශ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියා.