hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:04



මේ දිනවල ගාළු මුවදොර පිටියේ සිදුවන වාහන ප්‍රදර්ශනය වැනි ප්‍රදර්ශන 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව බලයට පත්වූ පසුද 2015 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව බලයට පත්වු පසුද සිදුකළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

එලෙස ප්‍රදර්ශන පැවැත්වූ ආණ්ඩුවලට අත්වූ ඉරණම නව ආණ්ඩුවට අත් නොවේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසුවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති තනතුරේ කටයුතු සාර්ථකව ඉටු කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බවද ඔහු කියා සිටියා.

ජනාධිපතිවරයා මුල් දවසේ කළ පත්වීම් තුනෙන් දෙකකින්ම විශ්වාසය බිඳෙන සුළු බවයි උදය ගම්මන්පිළ මහතා එහිදී ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් නව ආණ්ඩුව කඩා වැටිය යුතු බවට නොසිතන බවත්, අභියෝග ජයගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබේවා යන්න ප්‍රාර්ථන කරන බවත් ඒ මහතා කියා සිටියා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා,

“ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට ජනාධිපති තනතුරේ කටයුතු සාර්ථකව ඉටු කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් මම එතුමාට සුබ පතනවා.. කිසිවෙක් මේ ආණ්ඩුවට සහය නොදුන් පමණින් මේ ආණ්ඩුව කඩා වැටිය යුතුයි කියලා හිතන්න නරකයි.. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කඩා වැටෙද්දී කඩා වැඩුණේ ආණ්ඩුව විතරක් නෙවෙයි.. රටත් කඩා වැටුණා.. රට අපේ.. ඒ නිසා මේ අභියෝගාත්මක මොහොතේ ජනතාව විසින් තෝරාගත් ජනපතිට එම අභියෝග ජයගත හැකිවේවායි ප්‍රාර්ථනා කිරීම රටට ආදරය කරන පුරවැසියන්ගේ යුතුකමක්.. සුබ වේවා යැයි ප්‍රාර්ථනා කළ පමණින් සුබ වෙන්නේ නෑ.. සුබ වෙන ආකාරයට කටයුතු කිරීමේ වගකීම තිබෙන්නේ එතුමාට.. එතුමා ජාතිය අමතා කියා සිටියේ තමන් ගැන විශ්වාස නොකරන අයගේ විශ්වාසය දිනා ගත හැකි ආකාරයෙන් එතුමා කටයුතු කරනවා කියලා.. නමුත් එතුමා මුල් දවසේ කළ පත්වීම් තුනෙන් දෙකක්ම ඒ විශ්වාසය බිඳෙන සුළුයි.. පසුගිය ආණ්ඩුවේ ලොක්කන් විසින් පාවිච්චි කළ වාහන තොගයක් මේ දිනවල ගාලු මුවදොර පිට්ටනියේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.. අපේ තරුණ දුවලා පුතලා එයින් කුල්මත් වෙලා තිබෙන බව සමාජ මාධ්‍ය බලන විට අපට පේනවා.. අපට ඒ දරුවන්ට දැනෙන කුල්මත් බව තේරුම් ගන්න පුළුවන්.. මොකද අපි තරුණ කාලයේ අපටත් ඔය ප්‍රීතිය ඔය විදියටම දැණුන නිසා.. කොහොම වුණත් ආණ්ඩු පෙරළියකින් පසු පවත්වන වාහන ප්‍රදර්ශනය පවත්වන්නේ අපේ ජීවිත කාලය තුළ පළමු වතාවට නම් අපටත් ඒ කුල්මත් බව ඇති කර ගන්න තිබුණා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: