hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූනි 15, පෙ.ව. 11:31



ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දියාව ලබාදුන් ඩොලර් මිලියන 400 ක ණය මුදලින් සතයක්වත් භාවිතා කර නොමැති බව අනාවරණය වූ බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

එම මුදල ලබා දී තිබෙන්නේ ප්‍රාග්ධන වියදම් වලට වන අතර එනිසා ඉන්ධන ලබා ගැනීම වැනි පුනරාවර්තන වියදම් සඳහා එම ණය මුදල භාවිතා කළ නොහැකි බවයි වාර්තා වන්නේ.

එම ණය මුදල ඉන්දියාව ලබාදී තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ කළ සංචාරයකදී කළ සාකච්ඡාවක් මතයි.

නමුත් තමන් බලශක්ති අමාත්‍යවරයා ලෙස සිටින විට ඒ පිළිබඳ සොයා බලා සාකච්ඡා කර එම මුදල් ඩොලර් මිලියන 500දක්වා වැඩි කර තෙල් අර්බුදය කල් දමා ගත් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේ “මීට මාස නවයකට විතර කලින් මගේ ඉන්දියානු මිත්‍රයෙක් මාත් එක්ක සාදයකදී කිව්වා ඉන්දියාව කනස්සල්ලෙන් ඉන්නවා ඉන්දියාව ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අපේ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වෙලා ඉන්දියාවට ගිය වෙලාවේ ඩොලර් මිලියන 400 ක ණයක් ලබා දීලා තියෙනවා මේකෙන් සතයක්වත් අද දක්වා පාවිච්චි කරලා නෑ කියලා. මං වහාම ඉන්දියානු තානාපති කාර්යාලයේ ව්‍යාපාර අංශ ප්‍රධානී වෛද්‍ය රකේෂ් පාණ්ඩෙට කතා කරලා ඇහුවා මෙහෙම එකක් තියෙනවද? උත්තරය ඔව්. තවම තියෙනවද? තියනවා මේක පාවිච්චි කරන්නෑ, මං ඇහුවා තෙල් වලට මේක දෙන්න බැරිද ඉන්දියාව කිව්වේ බෑ කියලා. ඇයි අපි තෙල් අපනයනය කරන රටක් නෙවෙයි. මේක දීලා තියෙන්නෙ ප්‍රාග්ධන වියදම් වලට. තෙල් වලට දෙනවයි කියලා කියන්නේ පුනරාවර්තන වියදමක් වගේ දෙයක්. ජාති දෙකක ණයක්. අත ඇරියේ නෑ, දිගින් දිගටම ඉන්දියාවත් එක්ක සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ මිලියන 400 මිලියන 500 ක් බවට පත්වෙලා මීට ගොඩක්  කලින් ඇති වෙන්න තිබ්බ තෙල් අර්බුදය කල් දමා ගන්න පුලුවන් උනේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: