hit counter

2024 මැයි මස 28 වන අඟහරුවාදා

2023 මැයි 15, පෙ.ව. 1:42



පොහොය දෙකක් යාමට පෙර සමගි ජනබලවේගයේ බාගෙට බාගයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ සූදානමක් පවතින බව හිටපු අමාත්‍ය, සමගි ජනබලවේගයේ උප සභාපති පී. හැරිසන් මහතා අනාවරණයක් සිදු කළා.

ඇතැම් මන්ත්‍රීවරු දවල්ට සජිත් මහත්තයාට මූණ පෙන්වුවද රෑට රනිල් වික්‍රමසිංහ මහත්තයා සමග සාකච්ඡා සිදු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාද ජනාධිපති රනිල් වික්‍රමසිංහට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බවත් තමා සමඟ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 100දෙනෙකු පමණ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක්වන බවත් පී. හැරිසන් මහතා සඳහන් කළා.

“ප්‍රාදේශීය සභා තියෙන පාටක් පෙන්න නැහැ. පළාත් සභා මැතිවරණ තියෙන පාටක් නැහැ. තියෙනවානම් තියෙන්නේ ලබන අවුරුද්දේ ජුනි, ජුලිවල ජනාධිපති මැතිවරණයක්. ඒ් ජනාධිපති මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාට අපි කොන්දේසියකින් තොරව උදව් කරන්න ලෑස්ති. මම තනතුරු බලාගෙන තාන්න මාන්න බලාගෙන නෙමෙයි, මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 40කට ආසන්න කාලයක් මේ පක්ෂයේ ක්‍රියාකාරීව හිටපු කෙනෙක්. ඒක නිසා මම තීන්දු කෙරුවා මමත් අපේ ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත්, ඒ වගේම තව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 100ක් එක්ක තව සති දෙකකින් ඔබ තුමාලාගේ මධ්‍යට මම එන්න ලෑස්ති. ඒ විතරක් නෙමෙයි මම එකක් කියන්නම් තව පොහොය දෙකක් යන්න ඉස්සර වෙලා සමගි ජනබලවේගයේ බාගෙට බාගයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට යන එක නවත්තන් බැහැ. සමහර මන්ත්‍රීවරු දවල්ට සජිත් මහත්තයාට මූණ පෙන්නුවාට රෑට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක සාකච්ඡා.” යැයි අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: