hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 12, පෙ.ව. 2:08



පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙරට පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු එලෙස සාකච්ඡා පවත්වන එක් පක්ෂයක් පමණක් බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කියා සිටියා.

පොදුජන පෙරමුණ මෙන්ම තවත් පාර්ශව ගණනාවක් සමග පක්ෂ කළමනාකරණ මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටින බවත් පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය ගැන තීන්දුවක් ගන්නේ එම සාකච්ඡා නිම වූ පසුව බවත් ඒ මහතා සඳහන් කළා.

සියලු පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව ගන්නා තීන්දුව කෘත්‍යාධිකාරී මණ්ඩලයත් සමඟ සාකච්ඡා කොට එහි අනුමැතිය ද ලබාගෙන අවසානයේ රටටත් පාක්ෂිකයන්ටත් නිල වශයෙන් දැනුම් දෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ අරමුණ සියලු පක්ෂ එකතු කරගෙන එක්සත්ව එක ගමනක් යාම බවත් විජේවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.