hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 14, පෙ.ව. 10:48



රටේ ප්‍රශ්න සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් පත් කර තිබෙනවා.

ඒ අනුව රටේ පවතින බරපතළම අර්බුද වන ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පොහොර ලබාදීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් සොයා බලා වහාම වාර්තාවක් ලබා ගැනීමට අගමැතිවරයා එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පස්දෙනකු පත්කර තිබෙනවා.

පවතින ප්‍රධානම අර්බුදයන්ගෙන් එකක් වන ඉන්ධන සහ ගෑස් සැපයීම සම්බන්ධව පවතින ගැටලු සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාගැනීම පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා ගැනීමට පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන සාගල රත්නායක මහතා පත්කර තිබෙන බව සඳහන්.

ඖෂධ හිඟය සම්බන්ධව සොයා බැලීමට හිටපු අමාත්‍යවරයකු වන රුවන් විජේවර්ධන මහතාත්, කිරිපිටි, සීනි සහ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීම සහ ඒවා හිඟයකින් තොරව බෙදාහැරීම සම්බන්ධව සොයා බැලීමට වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර යන හිටපු අමාත්‍යවරුත්, රසායනික පොහොර සම්බන්ධ ගැටලු සොයා බැලීමට හිටපු අමාත්‍යවරයකු වන අකිල විරාජ් කාරියවසම් මහතාත් පත්කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම පිරිසට උපදෙස් දී ඇත්තේ දින තුනක් ඇතුළත මෙම ගැටලු සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසයි.

මේ අතර රජයේ කිසිදු ආයතනයකට අලුතින් දේශපාලන පත්වීම් සිදු නොකිරීමට ද තීරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: