hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 14, පෙ.ව. 7:39



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ දේශපාලන පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව එම පක්ෂවල නායකයින් මූලික සාකච්ඡාවක් පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබෙනවා.

ඉලංගෙයි මක්කල් දේශීය කච්චි වෙනුවෙන් එහි මහලේකම් එස්.විශ්නුකාන්තන්, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දුසුයන්ත් මනලංගම්, ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය වෙනුවෙන් එහි උප සභාපති ඉන්දික සූරියආරච්චි, ශ්‍රී ටෙලෝ වෙනුවෙන් එහි මහලේකම් පී.උදයරාසා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක ආචාර්ය එන්.කුමාර ගුරුභවන්, එක්සත් කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් එහි නායක ඒ.එම්. මුබාරක්, ලංකා කොමියුනිස්ට් එකමුතු සංවිධානය වෙනුවෙන් එහි මහලේකම් ඊ.තම්බයියා, එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ වෙනුවෙන් එහි නායක ජගත් කරුණානායක, ශ්‍රී ලංකා එක්සත් එකමුතු පක්ෂය වෙනුවෙන් එහි නායක එම්.එස්.එම්. සතීක් යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටි බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා එම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

එක්සත්ව හා රටට වැඩදායී ලෙස දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීම ඉතා ඉක්මනින් සිදුවිය යුතු බව ඉහත පක්ෂවල සියළු නායකයින් අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමටද ඔවුන් එකගතාව පළ කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි දෙසතිය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පුළුල්ව සාකච්ඡා සිදුකිරීමටත්, අනතුරුව පුළුල් හා ජනතාවාදී දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීමටත් ඔවුන් කැමැත්ත පල කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: