hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 28, ප.ව. 12:44



උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු යොදා ඇති අතර, එහි තවත් වැඩසටහනක් ඊයේ (27) පැවැත්වීමට සූදානම් කර තිබියදී එයට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහි වේදිකාවට දැඩි අලාභ හානි කර ඇති බවයි උත්තර ලංකා සභාගයේ මාධ්‍ය අංශය පැවසුවේ.

කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා කියා සිටියේ මෙම ප්‍රහාරය සමඟි ජනබලවේගයේ හඟුරන්කෙත සංවිධායක ජයලත් දිසානායක මහතා සිදු කළ බවයි.

උත්තර ලංකා සභාගයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව පැවත්වීමට ඉදිකර තිබූ වේදිකාවට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකගේ සොහොයුරා වන සමඟි ජන බලවේගයේ හඟුරන්කෙත සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක මහතා ප්‍රතික්ෂේප කරනවා.