hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 10, ප.ව. 1:54



සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා විසින් ඊයේ මඩොල්සිලම ප්‍රදේශයේ සංවිධානය කරන ලද සමගි ජන බලවේගයේ ජන හමුවක් සදහා අසනීප තත්ත්වය බව පවසමින් සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නැහැ.

කෙසේවෙතත් ඊට විරෝධය පළ කරමින් එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වීමටයි වඩිවෙල් සුරේෂ් මහතා තීරණය කර ඇත්තේ.

වඩිවෙල් සුරේෂ් මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“අද දින සමගි ජන බලවේගයේ නායකතුමා පස්සර ආසනයට මහජන රැස්වීමට සූදානම් කරන්න කියලා මට භාර දීලා තිබුණා. ඒ අනුව මම මඩොල්සිලම නගරය තෝරා ගත්තා. පන්දහකට වැඩිය පිරිසක් ආවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මග ඇවිල්ලා මට ඇමතුමක් දුන්නා අසනීපයි කියලා. ඊට පස්සේ මම බදුල්ල රෝහලට කතා කළා. ඇම්බියුලන්ස් එකක් එහෙම ලෑස්ති කරලා ඩොක්ටර්ස්ලා ඔක්කොම සූදානම් කළා. එතකොට එතුමාගේ සිකියුරිටි කිව්වා ඇම්බියුලන්ස් ඕනේ නැහැ එයාලම ඉස්පිරිතාලෙට යනවා කියලා. එතකොට මමත් ජනතාවගෙන් සමාව අරන් බදුල්ල රෝහලය යද්දී රෝහලට ඇවිත් නැහැ. මොකද කියලා චෙක් කරනකොට එතුමා වැලිමඩ ප්‍රදේශයේ රැස්වීමක් අමතලා කතා කර කර ඉන්නවා. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. ඒ නිසා මම තීරණය කලා පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වෙන්න.”