hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 07, පෙ.ව. 10:36



ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කරන ලද දේශපාලනඥයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සියලු නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එසේ විනාශ කළ තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකටද තට්ටු දෙකේ නිවාස තට්ටු තුනටද නැවත ඉදිකළ යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ජනතා නියෝජිතයින් මරා දැමීම, ඔවුන්ගේ නිවාස ගිනි තැබීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව පවසන මන්ත්‍රීවරයා ම්ලේච්ඡ අදහස් දරන පිරිස් පාලනය කළ යුතු බවද සඳහන් කරනවා.

එවන් ප්‍රජාතන්තවාදී නොවන කටයුතු වලට බියේ ජීවත් වීමට වඩා මිය යාම හොඳ බවත් මෙවැනි වාතාවරණයක් පවතින්නේ නම් අනාගත පරපුර දේශපාලනයට නොපැමිණෙනු ඇති බවත් ඔහු සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.