hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 25, ප.ව. 6:43



නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගැනීම හරහා ශ්‍රී ලංකාව ලැබුණ මූලික වන්දි මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක් ලංකාවේ සමාගමක ගිණුමකට ලැබී තිබුණත් එම මුදල යලිත් පිටරටට ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසුවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“නිව් ඩයමන්ඩ් නෞකාවට අදාළවත් වන්දි මුදල් ලබා ගැනීමේදී 2022 ජනවාරි හා මැයි මාස අතරතුළ ඩොලර් මිලියන පහක මුදලක් ජර්මන් ඩච් බැංකුව හරහා සිංගප්පූරු ස්මිත් සමාගම වෙනුවෙන් ලංකාවේ ජි.එස්.සී. ෂිපිං කළම්බෝ කියන ආයතනය සතුව තිබෙන යූනියන් බෑංක් ලංකාවේ එකවුන්ට් එකට ඇවිත් තියෙනවා. ඒ මුදල එතනින් පස්සේ පිටරටට යනවා. එදා නිව් ඩයමන්ඩ් නෞකාවට මූලික වන්දි ලෙස ලැබුණ මුදල නැවත පිටරටට ගිහින් තියෙනවා ඒක කොහොමද වුණේ. ඒක ගැන වාර්තාවත් පාර්ලිමේන්තුවට එවන්න”