hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 24, ප.ව. 1:50



දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා තවදුරටත් දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කිරිමට තින්දුකොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසනවා.

ආණ්ඩුකාරවරයා මිට පෙර ප්‍රකාශකොට තිබුණේ නව ජනාධිපතිවරයකු පත්විමත් සමග තමන් දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතු කරන බවයි.

නව ජනාධිපතිවරයා සමග කටයුතු කිරිමට කිසිදු ගැටළුවක් නොමැති නිසා ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලා අස්විමට ගත් තිරණය වෙනස් කිරිමට ආණ්ඩුකාරවරයා විසින් තින්දුකොට තිබෙනවා.

මේ පිළිබද අප දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගෙන් කළ විමසුමකදි ඔහු මෙසේ අදහස් පළ කළා.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිධුරයට පත්වුයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ සහයෝගයද ඇතිව. මේ නිසා දේශපාලන වශයෙන් රටේ ඇතිවෙලා තියෙන වෙනස්කම ආණ්ඩුකාරවරුන්ට අහිතකර විදියට බලපාන්නේ නැති නිසා ස්වෙච්ඡාවෙන් ආණ්ඩුකාරධුරයෙන් ඉවත්විමට ගත් තිරණය මා වෙනස්කර ගත්තා. “

“විශේෂයෙන් කථානායකතුමා, දකුණු පළාතේ මැති ඇමතිවරු, විපක්ෂයේ දේශපාලනඥයින්, පළාත් පාලන ආයතනවල ප්‍රධානින්, හිටපු පළාත්සභා මන්ත්‍රිවරු සහ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ මගෙන් ඉල්ලිමක් කළා ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලා අස්වෙන්න එපා කියලා. දැනට ආණ්ඩුකාරධුරයෙන් ඉවත්විමේ අවශ්‍යතාවයක් නැහැ. එමෙන්ම මාධ්‍ යමගින් වාර්තාකොට තිබුනා දැනට හිස්ව ඇති පොදුජන පෙරමුණේ මන්ත්‍රිධුරය ලබාගැනිමට මමත් තරග කරණවා කියලා. ඒ පිළිබද මගේ කිසිදු අදහසක් නැහැ. තවදුරටත් දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරනවා” යැයි විලිගමගේ මහතා වැඩිදුරටත් සදහන් කළා.

ආචාර්ය විලී ගමගේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු වන අතර එම පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සමීප හිතවතෙකි.

ගාල්ල – ලලිත් චාමින්ද