hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 15, පෙ.ව. 12:08



දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව සහ රණවිරු ජයග්‍රහණය මූලික කර ගනිමින් රජයේ වැඩපිළිවෙලට එරෙහිව ජාතික බලවේගයක් ඇති කිරීමට ජාතික සංවිධාන යැයි කියාගන්නා පිරිසක් මේ දිනවල කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඔවුන්ගේ මුලික අරමුණ වී ඇත්තේ මෙම වැඩපිළිවෙලට මුවාවී ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම කණ්ඩායමේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කිරීමට බවද එම ආරංච් මාර්ග කියයි.

ජනතාවට ඉතා සංවේදී මාතෘකා නිර්මාණය කරමින් විහාරස්ථාන හරහා මෙම දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔවුන් මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.

මේ සඳහා වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වියත්මග ඇතිකරමින් දායකත්වය ලබාදුන් පිරිසක් බවද වාර්තාවේ.

මෙම වැඩපිළිවෙල සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පහුගිය මැතිවරණයේදී ඉහලම මනාප ලබාගත් හිටපු අමාත්‍යවරයෙකු,හිටපු ආණ්ඩුකාරවරියක්,හිටපු ආයතන සභාපතිවරුන් සහ භික්ෂුන් වහන්සේලා පිරිසක් සක්‍රීය දායකත්වය ලබාදෙන බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: