hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 7:03



හිටපු සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතාව ජනාධිපති උපදේශකයකු ලෙස පත් කර තිබෙනවා.

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පසුගියදා සමගි ජනබලවේගය තීරණය කළා.

මිට පෙර අවස්ථා කිහිපයකදීම වඩිවෙල් සුරේශ් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කාලාපය අගය කරමින් ප්‍රකාශයන් සිදුකර ඇති අතර සමඟි ජන බලවේගයේ නායකත්වයද විවේචනය කළ අවස්ථා දැක ගැනීමට හැකි වුණා.