hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 30, ප.ව. 4:16



නිදහස් ජනතා පෙරමුණ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම අද(30) දින උදෑසන මහනුවර ශ්‍රී දළඳා මාළිගය වෙත ගොස් දළඳා වහන්සෙ වැඳපුදා ගෙන එළඹෙන පාළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් සිය මැතිවරණ මෙහෙයුම් කටයුතු හා ප්‍රචාරණ කටයුතු ඇරඹුවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ මහතා, පළාත් පාලන ආයතන සඳහා තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන් රැසක්ද සහභාගී වූ බව අප වාර්තාකරු පැවසුවා.

බැසිල් රාජපක්ෂ මහතා සිය පක්ෂයේ ප්‍රබල සංවිධාන ශක්තියක් තිබෙන බවට පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වසන්ත යාපාබණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ “කාගේ සංවිධාන හයිය තිබුණත් අද හැට නව ලක්ෂයේ ජනතාවට අද පාරට බහින්න බැරි තත්වයට පත්කරලා තිබෙනවා. පොහොට්ටුවේ අපේක්ෂකයන්ට ඡන්දය ඉල්ලීමට ගමට යාමට නොහැකි තත්වයක් උදාවෙලා තිබෙනවා. ඒ නිසා පොහොට්ටුව යලි පුබුදුවාලීමට කියලා එකම රැවටීමට දස වතාවක් මේ රටේ ජනතාව හසු වන්නේ නෑ.”

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙලන් ලබාදෙනවා කියන ඩොලර් බිලියන 2.9 ක මුදල ලබාගැනීම වෙනුවෙන් කළ හැකි සියලු පාවාදීම් සහ කොන්දේසී වලින් මේ රටේ ජනතාව දණගැස්සවීමයි මේ ආණ්ඩුවේ අභිලාෂය. එහි තවත් එක් දිගුවක් තමයි විදුලි බිල වැඩි කිරීමේ ප්‍රයත්නය. මහජන ඡන්දයෙන් පැමිණි කාන්චනට විදුලිබිල සම්බන්ධයෙන් ඒකාධිපතියකු ලෙස කටයුතු කිරීමට ඉඩ නොදෙන අතර ඊට එරෙහිව සිදු කරන අරගලය පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් අපේ කණ්ඩායම සිදුකරනවා. මහනුවරින් පාර්ලිමේන්තුවට තේරී පත්වුනු මන්ත්‍රීවරු 8 දෙනාගෙන් දෙදෙනෙකු පමණයි හැට නව ලක්ෂයේ ජනවරම එක්ක හිටගත්තේ. සියලු වරදාන වරප්‍රසාද පසෙකලා දුර්දාන්ත ආණ්ඩුව බිත්තියට හේත්තුකරපු දස දෙනාගේ කණ්ඩායම විදියට අපි තවදුරටත් මහනුවර ජනතාවට වගකියමින් ක⁣ටයුතු කිරීමට සූදානම්.” ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.