hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:37



තමන් ඇතුළු සිය පවුලේ සාමාජිකයන්ට ජීවිත තර්ජන ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසුවා.

පුද්ගලයෙකු විසින් දුරකථනයෙන් මරණ තර්ජනය කරන හඬ පටයක්ද ඔහු එහිදී මාධ්‍යට නිකුත් කළා.

ඔහු මෙම අදහස් පළ කළේ යූටියුබ් නාළිකාවක සාකච්ජාවට එක්වෙමින්.

ආණ්ඩුවට විරුද්ධව අදහස් නොදක්වන මෙන් ආණ්ඩුවේ ප්‍රබලයකු පාර්ලිමේන්තුවේ දී තමන්ගේ බෙල්ල මිරිකා බිත්තියට හේත්තු කොට තර්ජනය කළ බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළා.

තමන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස තමාට හඩක් නැගීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කළා.

සමහර කැබිනට් අමාත්‍යවරු තවත් කැබිනට් අමාත්‍යවරුන්ට උදව් කළ බවත් සමහර රාජ්‍ය අමාත්‍යවරු තවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට උදව් කළ බවත් සදහන් කළා.

ඒ හේතුවෙන් තමාට අසාධාරණයක් සිදු වූ බවත් විෂය භාර අමාත්‍යවරයෙක් හෝ තමාගේ ගමේ පාර සෑදීමටවත් උදව් නොකළ බව ඔහු පවසා සිටියා.