hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 21, ප.ව. 3:47



දික්කසාද නීතිය සංශෝධනය කිරීමට මේවන විට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඔහු සඳහන් කළේ වර්තමානයේදී කාන්තාවන්ගෙන් කාන්තාවන්ට පිරිමින්ගෙන් පිරිමින්ට සමලිංගික හිංසන සිදු වන බවට වාර්තා වන බවයි.

ඊට විරෝධය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළේ සමලිංගික කටයුතු නොවන බවයි.

ඇමතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බවත් ඊට නීති ප්‍රතිපාදනද නොමැති බවත්ය.

“එක්තරා ඉහළම අධ්‍යාපන කේෂ්ත්‍රයේ නිලධාරිනියකගෙන් එම කේෂ්ත්‍රයේ ඉන්න තවත් නිලධාරිනියක් එක්ක සමලිංගික සේවනයේ යෙදී සිටිය නිසා ස්වාමිපුරුෂයා නඩුවක් පවරලා තියෙනවා දික්කසාදයක් ලබා ගන්න. අපේ රටේ දික්කසාද නීතිය යටතේ කාන්තාවන් දෙදෙනෙකු එහෙම හිටියා කියලා දික්කසාදයක් ලබා ගැනීමේ නීති පදනමක් නෑ.” යැයි ඇමතිවරයා සඳහන් කළා.