hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 05, ප.ව. 7:12



ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණ වල ඇති සමස්ත නඩු වලින් 33%ක් ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වන අතර එය ජාතියක් වශයෙන් ලැජ්ජාවට පත් විය යුතු කරුණක් බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 29,723ක් පවතින බවත්, ඉන් 5550ක් ළමා අපචාර වන අතර 4,312ක් ස්ත්‍රී දූෂණ බවත් ඔහු ප්‍රකාශ කළා.

පසුගිය මාස දහය තුළ පාර්ලිමේන්තුව විසින් නීති 25ක් පනවා ඇති අතර එහිදී දරුවන්ගේ ආරක්ෂාව සඳහා දැඩි නීති හඳුන්වා දී ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම් සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු 29,723න් 6,661 ක් වන අතර එය සියයට 22ක් බව ඔහු සඳහන් කළා.

මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු 29,723 න් සියයට 55 ක් ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම් සහ භයානක මත්ද්‍රව්‍ය නඩු බව අමාත්‍යවරයා පැවසුවා.

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ සම්පූර්ණ නඩු 1,127,265ක් පමණ විභාග වෙමින් පවතින බවත්, මෙම නඩු විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණ දක්වා විනිසුරුවරුන් සිටින්නේ 399ක් පමණක් බවත් ඔහු පැවසුවා.